How do Hackers Hack?

 


කොහොමද ඇක් කරන්නේ?🤫

😇කතා කරමු අද අන්න ඒක ගැන...

♥️ඉතින් ඔයා මේ වෙද්දී හොදටම දන්නවා නේ මක්කද මේ Hacking කියන්නේ කියලා.

🤥ඒ Post එක කියෙව්වේ නැත්නම්👉

https://etschool69.blogspot.com/2023/10/hacking.html

මේකෙන් ගිහින් කියවන්නට හැක🤫

🌱ඉතින් අද අපි කතා කරමු කොහොමද මේ Hacking කරන්නේ කියලා.

🌺හරි එහෙනම් ඉතින් කෙලින්ම කතා බහට යන්.

🌸ඔයා හරි ආසයි නේද දැන් මොකක් හරි එකක් හැක් කරන්න.ඉතින් ඒක ඔයාට කරන්න පුලුවන්.අවශ්‍ය වෙන්නේ දැනුමයි,දැනුමත් එක්ක ඔයාට ඒ වැඩේ කරගන්න ඔනි අංග උපාංග ටිකයි විතරයි.

🙊මොකද මේ ඇහෙන් බලලා මොලෙන් හැක් කරන්න බෑනේ.

🥲හැබැයි මෙහෙම එකකුත් තියේ මිනිස්සුන්ව Hack කරන්නත් පුලුවන් හොදේ🤥ඒකට තමා ඔය Social Engineering කියන්නේ.(සමාජ ඉංජිනේරු විද්‍යාව)

🥴ඒකත් වෙනමම කතාවක් ඒකත් අපි වෙනමම කතා කරමු කෝ.

සරලව තේරෙන්න කිව්වොත් ඕක, අතින් පයින් ගහගන්නවට වැඩිය මොලෙන් ගහන එක දරුනු වැඩී කියලා කතාවක් අහලා ඇති නේ.අන්න ඒ වගේ කතන්දරයකට තමා මන් ඔය මිනිස්සුන්ව Hack කරනවා කිව්වේ.නැතුව මේ මොලේට පෙන් එකක් ගහලා හැක් කරන එකක් නෙවෙයි ඈ🤣

🥲කොහොම හරි කොහොම හරි, අපි දැන ගන්න ඔනි අද කොහොමද Hacking කරන්නේ කියලා.


🌱ඉතින් Hacking එකක් කරන්න නම් අපිට ප්‍රදානම සාදක තුනක් ඕනි වෙනවා.


🪸Vulnerability 

🪸Exploit

🪸Motivate

⭕ඉතින් මේකෙන් අපි පලවෙනි එක ගමු කෝ.මොකක්ද ඒ Vulnerability.

🙊ඒ කියන්නේ ඔයා මොකක් හරි හැක් කරන්න නම් ඒකේ, ඔයාගේ Target එකේ අනිවාරයෙන්ම දෝශයක් තියෙන්නම ඔනි.තිබ්බට වැඩක් නෑ ඒක ඔයාට පේන්නත් ඔනි,පෙන්න නම් ඔයා ඒ දෝශය හොයාගන්න විදිහ  දැන ගන්න ඕනී.

⭕ඊලගට දෙවෙනි එක තමා Exploit.

🤥ඒ කියන්නේ දෝශය තිබ්බට මදි එ දෝශය අස්සෙන් රිංගලා යන්නත් ඔයා දැන ගන්න ඔනි.ඉතින් එහෙම රිංගලා ගියාට පස්සේ ඔයා Target එකෙ Full Control එක ඔයාගේ අතට ගන්න,ඒ වගේම ඒ Target එකේ ආදිපත්‍ය පතුරවා ගන්න ඔයාට පුලුවන්කම හම්බෙනවා.

⭕ඉතින් ඊලගට අවසානයට හැක් එකක් කරන්න ඔයාට ඔනි වෙන දේ තමා Motivate එක.

❗මොකද මේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ Nmap එකෙන් Scan එකක් දාපු ගමන්, Bruteforce attack එකක් එක පාරක් ගහපු ගමන් මේ ඩාන් ගාලා හැක් වෙනව කියල🤣

🥴එහෙම කරන්න බෑ බන්.ඔයා Hacking කරන්න නම් අනිවා ඔයාලග අලුතින් දේවල් ඉගෙන ගන්න උනන්දුවක් තියෙන්න ඔනි.ඒ වගේම නොපසුබස්නා උත්සහයක් නම් අනිවා තියෙන්නම ඔනි.

🤫මොකද සමහර වෙලාවට ඔයා මාස ගනන් එක Target එකකට මහන්සි උනත් ඔයාට එකම එක දෝශයක්වත් හොයාගන්න නැති වෙනවා.හැබැයි ඔයා Try කරලා කරලා මාස තුනයි එක දවසයි ගිය ගමන් ඔයාට ඒ Target එකෙ දෝශයක් හම්බෙනවා.හැබැයි ඔයා මාස තුනෙන් වැඩේ අත් හැරලා දැම්මා නම් ඔයාට ඒ දෝශය හොයාගන්න වෙන්නේ නැහැ නේ.අන්න ඒක හින්දා Motivate එක නම් හොදටම තියෙන්න ඔනි.

🧙‍♂️මන් දැන් මෙතන මෙ Hack එකක් කරනවා, Hacking කරනවා ගගා කිව්ව එකට මට ලේසියෙන්ම Attack එකක් කරනවා කියන්නත් පුලුවන්.මොකද අපි මේ ට්‍රයි කරන්නෙ යුද්දයකින් දිනන්න වගේ වැඩක් කරන්න.ඉතින් එක පැත්තකින් සතුරෝ එන්න කලින් අපි හොද කට්ටිය විදිහට ඉස්සෙල්ලාම අපේ බලකොටුවට ගහලා බලනවා කොහේ කොහේ අව්ල්ද තියෙන්නේ කියල.එතකොට ඉතින් සතුරෝ එන්න ගියාම ඒ අයට එන්න හම්බෙන්නේ නෑනේ.මොකද අපි ඊට කලින් ඒ තැන්වලින් Attack ගහලා ගහලා අස්සට රිංගන්න පූලුවන් තැන් ටික වහල නේ තියෙන්නේ.

⭕ඉතින් ඒක හින්දා අපිට Hack කරන එකට Attack එකක් ගහනවා කියලත් කියන්න පුලුවන්.

🍃ඉතින් අවසානයට කොහොමද Hacking කරන්නේ කියලා ඇහුවොත්.මේකට එකක් කියලා මට කියන්න දෙයක් නෑ ඔයාට දේවල් සෑහෙන්නම ඉගෙන ගන්න තියෙනව.මොකද මන් උනත් අදටත් තාමත් ඉගෙන ගන්නවා.

🥲ඒ කියන්නේ මට උනත් සමහර අව්ල් එනවා මන් දන්නෑ ජීවිතයට එව්වා හදාගන්න🥲

⭕ඇත්තටම කියන්නේ ඈ සමහර අව්ල් තියෙනවා මට ඒ තැනින් එහාට යා ගන්නම බෑ.මට වඩා වැඩ්ඩෙක්ගෙන් ඇහුවත් එයාලවත් දන්නෑ🤣ඉතින් එහෙම මන් අනන්තවත් තැන් ඇති අත් හැරලා දාලා ගියපු.ඉතින් අන්න ඒක හින්දා ඔයාලා දැන ගන්න ඔනි කොහොමද ඒ වගේ අව්ල් එද්ද්දී ඒ තැන් හදාගන්නේ සහ අව්ල් ආවා කියලා ඒ තැන දමලා ගහලා යන්නේ නැතුව අල්ලන් ඉන්න.

🥲මොකද මාස ගානක් මහන්සි වෙලා දගලලා දගලලා අන්තිමට බලද්දී ඒක Honeypot එකක් උනාම හරිම සනීපයි🤣

🥴ඉතින් ඒ තැන්වලදී හොදට මතක තියාගන්න එක දෙයක් සැලෙන්නනම් එපා.සැලුනොත් ඔයාට පැවැත්මක් නැහැ.

🪄අනික ඔයා Hacking ඉගෙන ගන්න එනවා නම් හොදට Google කරන්නත් ඉගෙන ගන්න ඔනි.මොකද Self Studies තමා සෑහෙන්නම වටින්නේ...

🌼ඉතින් එතකොට ඔයා Attack එකක් ගහන්න බලාපොරොත්තු වෙනවා නම්, අනිවාරයෙන්ම ඒකට අදාලව තියෙන අනන් මනන් කතන්දර වගේම, නීතිමය පැත්ත උනත් බලන්න ඔනි.

🪷නීති විරෝදී දේවල් පස්සේ නම් යන්න හදන්න එපා.මේක ඔයාට හොද දේවල් වලට වගේම නරක දේවල් වලටත් පාවිච්චි කරන්න පුලුවන්.

🌼ඉතින් මේ Hacking, ඔයා අවුරුදු ගානක් කට්ට කාපු දැනුම ඔයා පාවිච්චි කරන්නේ මොකටද කියලා ඔයාම තීරණය කරගන්න.

🌍එහෙනම් ඉතින් මන් හිතනවා අද මේ Post එකෙන් Hack කරන ගැන දල අවබෝදයක් එන්න ඇති කියලා.

😼මන් මේ මගින් මගින් දාන එක එක වචන ගැන බය වෙන්න එපා.අපි ඔව්ව හිමීට කතා කරගෙන යන්.

🌷එහෙනම් අදට මන් මෙතනින් නවතිනවා.

Post එක කියවව්ව හැමෝටම ජයෙන් ජය වේවා🌸

❤All The Best❤

මම,

👑King.ZERO👑


▒▒▄▀▀▀▀▀▄▒▒▒▒▒▄▄▄▄▄▒▒▒

▒▐░▄░░░▄░▌▒▒▄█▄█▄█▄█▄▒

▒▐░▀▀░▀▀░▌▒▒▒▒▒░░░▒▒▒▒

▒▒▀▄░═░▄▀▒▒▒▒▒▒░░░▒▒▒▒

▒▒▐░▀▄▀░▌▒▒▒▒▒▒░░░▒▒▒▒

*•.¸♡EXTRAORDINARY THINKERS♡¸.•*

👽👽👽👽👽👽👽👽👽👽

Comments

Post a Comment

Popular Posts