Hacking කියන්නේ මොකක්ද?🎃


♥️නිකන් අහන්නේ ඇත්තටම Hacking කියන්නේ මොනාද බන්🥲

🧙‍♂️අද කතා කරමු ඒක ගැන...

🌼මේකනේ දැන් මේක ගැන බහුතරයම දන්නවා Hacking කියන්නේ මේකයි කියලා.ඒත් අපි මේ Groups ආයෙත් අලුතින් නේ පටන් ගන්නේ.ඉතින් ඒක හින්දා දන්නේ නැති අය  ඉන්න පුලුවන් හින්දා අපි මේ කතන්දර සෙට් එක මුල ඉදන්ම එහෙනම් කතා කරගෙන යන්.

⭕එතකොට ඉගෙන ගන්න ඔයාලටත් ලේසී ඉගෙන ගන්න, මටත් ලේසී කියලා දෙන්න.අන්න ඒක හින්දා අපි මුලින්ම Hacking කියන එකේ තේරුම හරියාකාරව දැනගෙන ඉමු කෝ.

🍂ඉතින් එතකොට මේ Hacking කියන්නේ මොකක්ද?

🤥අද ප්‍රදාන කතා මතෘකාව,අව්ලක් නෑ මෙහෙම පටන් ගමු.

🪷ඉතින් Hack කරනවා කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය විදිහට වඩා වෙනස් විදිහට හිතලා දෙයක් කරන එක.

⭕ඒ කියන්නේ නිකන් ඔය බන් Youtube එකේ එහෙම තියෙන්නේ Life Hacks ගාලා වීඩියෝ.ඒ කියන්නේ බන් සාමාන්‍ය ජීවිතයෙ තියෙන දේවල් අසාමාන්‍ය විදිහකට පාවිච්චි කරලා තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න එක නෙ ඔතනින් කරන්නේ.

🌚උදාහරණයකට ඔය් Life Hacks වල වීඩියෝ තියෙනවා, පොඩි ප්ලාස්ටික් බෝතලයක් අරන් ඒකේ කෑල්ලක් කපලා අයින් කරලා ඉවර වෙලා ඒක පලතුරු කඩාගන්න පුලුවන් කෙක්කක් විදිහට පාවිච්චි කරනවා.

ඉතින් අපිට පෙනුනේ වතුර බෝතලය වතුර පුරවන්න,වතුර කොහේ හරි අරන් යන්න විතරක් උනාට, 

ඒක දිහා අසාමාන්‍ය විදිහට දැකලා මෙන්න කෙක්කක් හැදුවා.

❗ඔන්න ඔව්වට තමා Hacks කියන්නේ.

😇ඉතින් අපි කතා කරන Hacksතුත් ඔය වගේම තමයි.

🐹ඒ කියන්නේ අපි Hacking කියලා කියන්නෙත් බන් සාමාන්‍ය විදිහට තියෙන එක අමුතු විදිහට බලලා ඒකෙන් අමුතුම වැඩක් කරන විදිහට පාවිච්චි කරන එක.

⭕උදාහරණයක් මන් ගන්නම් කෝ,

දැන් ඔය Bluetooth Speaker එකක් ගන්න කෝ.ඔන්න දැන් එකට කවුරු හරි මයික් එකක් Connect කරලා පට්ට සීරියස් කතාවක් කිය කිය ඉන්නවා.

ඉතින් ඔන්න දැන් Hacking කරන එකෙනෙක් ඔතනට එනවා,අම්මට සිරි Bluetooth Speaker එකක් කියාලා මේ පොර  BlueSnarf Attack එකක් වගේ ගහලා Bluetooth එක හැක් කරලා, මෙන්න සිංදුවක් දානවා.





ඕනි නැති එකක් නේ බන්, අච්චර සීරියස් කතාවක් අස්සේ සිංදුවක් Play කරනවා🤣

🌱මන් ඔය පොඩි උදාහරණයක් කිව්වේ Hacking කියන එක ගැන තේරුම් ගන්න.ඉතින් එතකොට මේ Hacking කියන්නේ ඔන්න ඔය වගේ සාමාන්‍යයෙන් තියෙන දේ අම්මට සිරි වෙන වෙන පැත්තකින් දැකලා සා වාව් කියලා දෙයක් කරන එකට.

🌷ඉතින් ඔතනදී මන් කිව්ව නේ අර Bluetooth Speaker එක දැක්කම Hacking කරන එකෙනා ඒකට Attack කරනවා කියලා.අන්න ඒ Hacking කරන එක්කෙනාට තමා Hacker කෙනෙක් කියලා කියන්නේ.

🍃ඉතින් එතකොට Hacker කෙනෙක් තමා Hacking කරන්නේ.අපි Hackerවරු ගැන පස්සේ වෙනමම කතා කරමු

🌺දැනට Hacking කියන එක ගැන කතා කරමු.

ඉතින් ඔය Hacker කෙනෙක් ගත්තම මේ අය හිතන විදිහ අනුව තමා එල්ලවෙන Attack එකේ ස්වභාවය තීරණය වෙන්නේ.

ඒ මොකක්ද ඒ බලනව ඇති නේ ඔයා.

ඒ කියන්නේ බන් දැන් Bluetooth Device එකක් හැක් කරන්න බන් අපිට නානාප්‍රකාර Attacks හෙන ගොඩක් ගහන්න පුලුවන්.උදාහරණයකට,


🪸Bluesnarf Attack

🪸BlueDump Attack

🪸BlueSmack Dos Attack

🪸BluePrinting Attack



ඔන්න ඔය වගේ.ඉතින් Hackerට ඔනී ඒ Device එකට Access අරන් මොනාම හරි Play කරන්න වගේ නම් එයා මොකද කරන්නේ ඒකට ගැලපෙන Attack එක ගහනවා.

එහෙම නැත්නම් එයාට ඕනි නිකන් Bluetooth Device එකට කාටවත් Connect වෙන්න බැරි වෙන්න Block කරන්න නම් ඒකට ඒකට අදාල දේ ඒ හැකර් කරනවා.

ඉතින් එතකොට Hacker හිතන විදිහට තාමා මේ Attack එක වෙන්නේ.

ඉතින් එතකොට ඔයා බලයි හිතන විදිහට එහෙම Hack කරන්න පුලුවන්ද කියලා.

එහෙම අපිට හිතෙන හිතෙන විදිහට Hack කරන්න බෑ මොනවත්.

දැන් මන් Bluetooth Device එකක්ම ගන්නම් කෝ.

ඉතින් අපිට මේක Hack කරන්න නම් ඒ අපි ගහන්න යන Attack එක පිලිබදව හොද දැනුමක් තියෙන්න ඔනි.

ඒ වගේම අපිට මේ Attacks නිකන් මේ කෝඩ් එකක් එහෙම ගහලා එහෙම්මම කරගන්න බෑ.

අපිට සමහර වෙලාවට ඒවට අවශ්‍ය වෙන උපාංග ඔනි.

⭕උදාහරණයකට Bluetooth Hack එකක් අපිට Normally සාමාන්‍යයෙන් ගහගන්න පුලුවන්.

ඒත් අපිට සමහර වෙලාවට ඒ Attacks වලටදී Ubertooth වගේ Devices Use කරන්න වෙනවා.

ඒ කියන්නේ අපිට දැනුම විතරක් තිබ්බට මදි අපිට එවට අවශ්‍ය වෙන තාක්ශණික මෙවලමුත් ඕනි වෙනවා මේ Attacks ගහන්න.

🪻ඉතින් ඒ වගේම අපි දැනුමත් අරන්, ආ මෙහෙමයි මෙහෙමයි ගහන්නේ මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියලා දැනුමත් අරගෙන,ඊලගට Devices ටිකත් අරගෙන, ඒ Devices එක්ක වැඩ කරන්නත් ඉගෙන ගෙන මොනා කරගෙන ආවත් අපි හොයද්දී ඒ Bluetooth Device එකේ දෝශයක් තිබ්බේ නැත්න්ම් අපිට ඒ Device එක Hack කරගන්න වෙන්නෙත් නෑ.

❤ඒ කියන්නේ අපි Target කරන එකේ දෝශයක් තිබ්බොත් තමයි අපිට පුලුවන් ඒක හරහා ඇතුලට රිංගලා දෙයක් කරගන්න.

ඉතින් ගොඩාක් අය හිතාගෙන ඉන්නවා Hacking හරිම ලේසී කියලා🤣

ඔව් ලේසී ඔය තියෙන OS එකක් පොඩ්ඩක් ඉගෙන ගෙන, Tool එකක් පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් හරිම ලේසී🤣

ඇත්ත ලෝකෙට ඇවිල්ලා වැඩක් කරලා බලන්න කෝ රගේ තේරෙයි

⭕ඉතින් එතකොට ඔයාලගේ ප්‍රදානම අරමුනම සමහර විට හොද Hacker කෙනෙක් වෙන එක වෙන්න ඇති නේ.ඉතින් එහෙනම් ඔයාට තියෙන්නේම මේ දේවල් ගැන හොදට ඉගෙන ගන්න එක.

🌸දැන් අද මන් Bluetooth Hacking ගැනත් Normally කතා කරේ ඔයාලා එව්වට කැමති හින්දා.අපි වෙනමම Post එකකින් මේ Bluetooth Hacking කරන්නේ කොහොමද කියලා කතා කරමු.මේ දැනට මේ පොඩ්ඩක් මන් ඔයාට මෙහෙමයි මෙහෙමයි Hack එකක් වෙන්නේ කියලා විතරයි කියලා දුන්නේ.

🌼මන් හිතනවා වැඩෙ ඔයාට දැන් ලාවට හරි තේරෙන්නනම් ඇති කියලා.

මේකයි ඉතින් Hacking කියන වචනය ඔනි නම් එක එක ආකාර වලට එක එක විදිහට දවසක්ම හරි පැහැදිලි කරන්න පූලුවන්.

ඒත් මට තියෙන්නෙත් ඔයාලට වගේම ඇගිලි ටිකක් නේ.ඉතින් මේකෙන් නේ මෙහෙම දාගෙන ලියන්නේ.ඉතින් ඒක හින්දා කියලා තියෙන එක තෙරුම් ගන්නට උත්සහ කරන්න🥲

මේවා ගැන තවත් ඔයාට Deep ඕනි නම් අපි තව තව ඉදිරියේදී කතා කරමු කෝ.

✅කොහොමත් අපේ Youtube Channel එකෙත් මන් Basic ඉදන් මේ වගේ දේවල් කතා කරන්න පටන් ගන්න ඉන්නේ.එතකොට ඔයාලට මේ දේව ගැන මීට වඩා හොදට තේරෙයි.

මොකද අකුරින් කියනවට වඩා වචනයෙන් කිව්වම ඔයාලට ගෝචර වෙනවත් වැඩී නේ.

🌍හරි අව්ලක් නෑ මන් කොහොම හරි හිතනවා අද කියලා දුන්න එක ශේප් කියලා.

මොකක්ම හරි දෙයක් නම් අපෙන් අහන්න කෝ හොදේ.

එහෙනම් ඉතින් අදට සමු ගන්නම් මා...

🌼ජය වේවා🌼

❤All The Best❤

මම,

👑King.ZERO👑


▒▒▄▀▀▀▀▀▄▒▒▒▒▒▄▄▄▄▄▒▒▒

▒▐░▄░░░▄░▌▒▒▄█▄█▄█▄█▄▒

▒▐░▀▀░▀▀░▌▒▒▒▒▒░░░▒▒▒▒

▒▒▀▄░═░▄▀▒▒▒▒▒▒░░░▒▒▒▒

▒▒▐░▀▄▀░▌▒▒▒▒▒▒░░░▒▒▒▒

*•.¸♡EXTRAORDINARY THINKERS♡¸.•*

👽👽👽👽👽👽👽👽👽👽

Comments

Popular Posts